ඔයාල දන්නවද වින්ඩෝස් සෙවන් වල ගොඩක් වෝල්පේපර්ස්, තීම්ස් හැංගිල තියෙනව කියල. අද මම තියල දෙන්න හදන්නේ ඒව හොයාගන්න විදිහ ගැන.ඒක කරන්නෙ මෙහෙමයි.


මුලින්ම Start Menu එකේ සර්ච් බොක්ස් එකේ C:\Windows\Globalization\MCT කියල Type කරල Enter කී එක Press කරන්න.එතකොට මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි.





ඒකෙ MCT-AU, MCT-CA, MCT-GB, MCT-US, MCT-ZA කියල ෆෝල්ඩර් ටිකක් තියෙනව. ඒවා ඇතුලෙ තියෙන්නෙ එක එක රටවල් වලට විශේෂිත Wallpapers, Themes තියෙනව.

උදා - AU - Australia, CA - Canada, GB - Great Britain, US - the United States, ZA - South Africa

ඒ ෆෝල්ඩර් ඇතුලෙ Theme කියල තව ෆෝල්ඩර් එකක් තියෙනව. ඒක ඇතුලෙ තියෙන Theme file එක double click කලාම ඒක Apply වෙනව. එච්චරයි.

එහෙනම් කරලම බලල Comment එකකුත් දාල යන්න.
 
Top