Windows blue screen error  එකක් දැක්ක ගමන් අපි windows registry එක හරි hardware එකක් හරි damage උනා කියලා හිතලා ටිකක් විතර බය වෙනවනේ . ඉතින් අපිට යාලුවෙක්ව Computer එක ඉස්සරහදි Windows blue screen error  එකක්  ක්ෂනිකව පෙන්වලා විහිලුවට වගේ බය කරන්නත් එක නිසා පුලුවන්. එ විදිහට Windows blue screen error  එකක් Key press 3කින් අපිට windows 7  වලදි පෙන්වන්න පුලුවන්. මෙකට අපි windows වලදි testing වැඩ වලට දිලා තියෙන  memory crash dump feature එකක් භාවිතා කරමු. 

Blue screen error on windows 7

Blue screen එක පෙන්වන්න මුලින්ම windows registry එකේ පොඩි වෙනසක් කරන්න ඔනේ. එකට windows 7 වල start මෙනුවෙන් regedit.exe කියලා search කරලා Registry Editor window එක open කර ගන්න.

දැන් ඔයාගේ computer එකේ keyboard වර්ගය අනුව පහතින් path එක තොරලා එ අනුව registry file එක registry editor තුල open කරගන්න.

USB Keyboard


HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\kbdhid\Parameters

PS/2 Keyboard


HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\i8042prt\Parameters

එ විදිහට file එක open කර ගත්ත්ට පස්සේ Registry editor තුල දකුනු පැත්තෙ box එක තුල Right-Click කරලා අලුත් DWORD key එකක් CrashOnCtrlScroll යන නමින් create කරගන්න, Create  කරන කොට value එකට 1 කියලා දෙන්න.



දැන් computer එක reboot කරන්න. boot උනාට පස්සේ  key  press තුනකින්. ඔයාට blue screen එක ගන්න පුලුවන් එකට,

Right Ctrl key එක press කරගෙනම Scroll Lock key එක දෙපාරක් press කරන්න.

දැන් එක පාරම පහත තියෙනවා වගේ blue screen එකක් එයි. බයවෙන්න එපා නැවත computer එක restart කරාම computer එක සමාන්‍ය තත්වයට එනවා. එක නිසා මෙකෙන් පොඩි fun එකක් යාලුවොත් එක්ක ගන්න. 

අපි Registry editor
 තුලදි හදපු key එක delete කරාම මේ පහසුකම නැතිවෙලා යනවා. 
 Registry  එක edit කරනකොට හරියට බලලා edit කරන්න. 
නැත්නම් registry එක crash උනොත් repair කරන්න වෙයි...
 
Top