http://fiverr.com

අද මම කියන්න යනේ ඉතින් කවුරුත් දන්නා අඳුරන fiverr ගැන තමා. ඉස්සර නම් Internet භාවිත කරන හැමෝම කතා කරේ FaceBook ගැන්නේ..දැන් ඉතින් facebook ගැන කතා කරන්න ඕනේ නෑ ඒක ගැන දන්නෙ නැති කෙනෙක් නෑනේ.දැන් හැමෝම වගේ කතා කරන්නේ fiverr ගැනනේ..
ඒ හින්ද මම හිතුව මේක ගැන post එකක් දාන්න ඕනේ කියල ..මම දිගටම මේක ගැන post දන්නා තම හිතාගන ඉන්නේ ..
fiverr කියන්නේ ඇත්තටම freelancer website එකක්..එතැනදී කරන්නේ ලෝකේ වටේම ඉන්න අය එකතු කරගන කරන online marketing එකක්,හරියට අපි අවුරුද්දට shopping යනවා වගේ තමා.ඒ කියන්නේ කට්ටියක් තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරන් එකෙන් වැඩක් තව කෙනෙක්ට කරලා දීල මුදල් උපයනවා .
මේකත් හරියට Ebay වගේම තමා (හැබැයි ebay එකේ වගේ භාණ්ඩ වලට bid කරන වැඩ අරව මේවා එහෙම මේකේ නෑ) මේක හරිම සරලයි.තේරුම් ගන්න ලේසි ..

ebay එකේ අපි එක එක භාණ්ඩ විකුණුම්කරුවන්ට සල්ලි දීල ගන්නවා.fiverr එකේ අපි කරන්නෙත් ඒකමයි. තව කවුරුහරි කෙනෙක් ඉන්නවනම් තමන්ට අවශ්‍ය කරන දෙයක් කරල දෙන්න පුළුවන්,අපි සල්ලි ගෙවල එයාට කියල ඒ දේ කරගන්නවාඑච්චරයි.
මේකෙදි අපි කාටහරි වැඩක් කරලා දෙනවා කියල හිතමුකෝ .එක පටන් ගන්නේ 5$(ඩොලර්) වලින්.එකෙන් අපිට හම්බෙන්නේ 4$ විතරයි.1$ fiverr එකේ අය තියාගන්නවා.

හරි fiverr account එකක් හදල නැති අයට කියන්න තියනවා දෙයක්.ඔයාල fiverr account එකක් හදන්න යනවනම් ඔයාලගේ රට විදිහට ශ්‍රී ලංකාව කියල දාන්න එපා.ඒ ඇයි දන්නවද අපේ රටවල් වගේ රටවල් වල අයට order එනවා ටිකක් අඩුයි .USA,UK,Australia වගේ රටවල් වල අයට තමා order හොඳටම ලැබෙන්නේ. 
එක නිසා ඔයාල account එකක් හදනකොට ඔයාලගේ රටට USA කියල දාන්න..

හැබැයි ප්‍රශ්නේ තමා මේකේ register වෙද්දී අපේ රට මොකක්ද කියා කියා එයාල අහන්නේ නෑ අපේ IP address එකෙන් නිකන්ම හොයාගන්නවා අපේ රට ..ඊට පස්සේ account එකේ පෙන්නයි අපේ රට ශ්‍රී ලංකාව කියල..
එකට කරන්නේ මේකයි.ඔයාල ඔයාලගේ computer එකට දාගන්න ඕනේ HOTSPOT කියන software එක.Hotspot වලින් කරන්නේ අපේ IP address එක බොරුවට වෙන රටක IP address එකකට මාරු කරලා දෙන එක.(මම VPN Softwares ගැන කලින් ලිපියකුත් දැම්මා..Hotspot කියන්නෙත් එහෙම එකක්ම තමා.එක ගැන අය බලන්න ඕනේ අය මෙතනින් බලන්න.)
Hotspot software එක ඔයාලට අර මම කිව්ව ලිපියෙන් ගිහිනුත් download කරගන්න පුළුවන්..එහෙම නැතිනම් මෙතනින් download කරගන්න ..

හරි එක install කරගන එක connect කියන එක click ක්‍රම ඔයාලගේ IP එක වෙන රටක IP එකකට මාරු වෙයි..





connect කරාට පස්සේ මෙහෙම පෙන්නයි ..එකෙන් ඔයාලට ඕනේ නම් USA වෙනුවට වෙන රටකට මාරු කරන්නත් පුළුවන්.එත් USA විදිහටම තියන්න එක හොඳයි ..

හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ Fiverr web site එකට ගිහින් register වෙන එකයි.මේකේ register වෙද්දී ඔයාලගේ ඇත්ත තොරතුරු දෙන්න.account එක හදල ඉවර වෙලා එක confirm කරන්න කියයි.එකත් කරට පස්සේ ඔයාලට ඔයාලගේ profile එක සකස් කරන්න වෙනවා ..
එකේදී profile picture එකට හොඳ පැහැදිලි,ඔයාලගේ ෆොටෝ එකක් දාගන්න ..අය මේකෙදි ඔයාගේ ගැන හැඳින්වීමක්  දෙන්නත් තියනවා.ඒක නම් හොඳට දාන්න ඕනේ දැක්කම හිත ඇදිල යන විදිහට.

ඔයාලගේ හැකියාව ගැන කියල,ඔයාට මෙච්චර කාලයක් අත්දැකීම් තියනව කියල එහෙම දාන්න.දැන් හිතන්නකෝ ඔය ෆොටෝෂොප් ගැන දන්නවා කියල,එතකොට "I will provide you the best and the quickest service.So give me a try and feel the difference " වගේ දැක්කම හිත ඇදිල යන විදිහට ඔය ගැන දාන්න ඕනේ.
තමන් ගැන එහෙම දැම්මම අපිටත් හිතෙනවනෙ නිකන් මේ කෙනා මේක ගැන හොඳට දන්නවා වගේ කියල එහෙම ..

හරි අද අපි කතා කරානේ account එක හදල ඉවර කරනකන් වැඩ කරන විදිහ ගැන එහෙම .මම ඊළඟ ලිපියෙන් කියන්නම් කොහොමද අපේ හැකියාවෙන් අනිත් අයට වැඩක් කරලා දීල මුදල් උපයන්නේ කියල..
 
Top