ඉක්මනට Download කරගන්න විදිහක් නැද්ද?
තියනවා තියනවා. ඔක්කෝටම විසදුම් තියනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ සීඩ් අඩු Torrent එකක්, IDM හරි මොකක් හරි Download Manager Software එකක් භාවිතයෙන් පටස්ගාලා Download කරගන්න පුලුවන් ක්‍රමයක්.
(සීඩ් අඩු යන්නෙන් මම අදහස් කලේ, එක Seed එකක්වත් නැති Torrent එකක් නෙවේ. අනිවාරයෙන්ම Torrent එකක් Download කරගන්න අඩුම තරමේ එක Seed එකක්වත් තියෙන්න ඔනේ. සමහර Torrent තියනවා සීඩ් 10 ක් 20 ක් තිබුනත් හිමීට Download වෙන. ඉතින් ඒවගේ දෙයක් ඉක්මනට Download කරගන්න මේක හොද ක්‍රමයක්.)
IDM භාවිතා කරලා Torrent File එකක් Download කරන්නේ කොහොමද? ඔන්න මේ වැඩේ කරන හැටි මම පියවර සහිතව පහල කියලා දීලා තියනවා.
1. මේ වැඩේ අපිට කරගන්න, zbigz.com කියන වෙබ් අඩවිය උදව් වෙනවා. මුලින්ම අපි මේ වෙබ් අඩවියට යමු. - Click Here
2. හොදයි. දැන් අපිට මේ වැඩේ ක්‍රම 2 කට කරගන්න පුලුවන්.
- පළමුවන ක්‍රමය තමා අපිට Download කරගන්න අවශ්‍ය කරන Torrent File එකේ Torrent Link එක හරි Magnet Link එක හරි භාවිතා කරලා , (Right Click කරලා Link එක Copy කරගන්න පුලුවන්.)
- එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමය තමා ඒ Torrent File එක ඔයාලගේ Computer එකට Download කරගෙන ඒ .torrent File එක භාවිතා කරලා මේ වැඩේ කරගන්න පුලුවන්..
මම ඔය විදි 2 කටම කරගන්න හැටි කියලා දෙන්නම්
3. ඔයාලට මේ Zbigz කියන වෙබ් අඩවියට ගියහම පෙනෙයි මේ වගේ පොඩි Text Box එකක් තියනවා.
ඔතෙන්ට ඔයාලගේ Torrent File එකේ Link එක හරි, Magnet Link එක හරි Copy කරලා Paste කරන්න. ඔන්න මම Torrent Link එක දුන්නා.
එහෙම නැත්නම් "Upload .torrent file" කියන එක ක්ලික් කරලා ඔයා Computer එකට Download කරගත්ත .torrent File එක තෝරන්න.
4. ඊට පස්සේ "Go!" කියන එක ක්ලික් කරන්න.
5. ඊට පස්සේ වෙන Window එකක් Open වෙනවා. මෙතනින් අපිට මේ File එක Free Account එකකින් Download කරගන්නව්ද, එහෙම නැත්නම් Premium Account එකකින්ද Download කරගන්නේ කියලා තෝරන්න තියෙන්නේ.
මතක තියාගන්න, ඔයාලට මේ වෙබ් අඩවියේ Register වීමකින් තොරව Free භාවිතා කරන්න පුලුවන්. නමුත් Registerd Users ලට සහ Premium Users ලට වැඩි පහසුකම් මෙයාලා සපයනවා.
ඔතනින් "Free" කියන එක Click කරන්න. ( ඔයාලට Premium Account එකක් තියනවනම් Premium කියන එක ක්ලික් කරන්න.)
6. ඊට පස්සේ මෙයාලා මේ Torrent එක එයාලගේ High Speed Servers වලට Download කරගෙන අපිට Direct Link එක ලබාදෙනවා. මේ පියවර කිපයකින් දාලා තියෙන්නේ එයාලා Servers වලට Download කරගන්න හැටියි.
Seeds ගොඩාක් අඩුයිනම් Link එක දෙන්න ටිකක් වෙලා යයි. Seeds හොදට තියන Torrent එකක් නම් ඉක්මනට අපිට Link එක දෙනවා.
7. ඔන්න දැන් එයාලගේ Serves වලට Download කරගෙන ඉවරයි.
දැන් අපිට මේක Download කරගන්න පුලුවන්. ඒ වගේම තව පොඩි කාරණයක් තියනවා. අපි හිතමුකෝ අපේ මේ Torrent එකේ තිබුනේ සිංදු 10 ක් කියලා. එතකොට අපිට ක්‍රම 2 කට මේක Download කරගන්න පුලුවන්. සම්පූර්ණ සිංදු 10 එකට Download කරගන්න වගේම එක එක සිංදුව වෙන වෙනම Download කරගන්නත් පුලුවන්. පහල රූපය බලන්නකෝ.
1 දාලා තියන තැනින් අපිට මුලු File එකම එකපාර Download කරගන්න පුලුවන්. 2, 3 දාලා තියෙන්නේ Torrent එක ඇතුලේ තියන File ටික පෙන්නන විදිහයි. එතනින් එක File එක බැගින් වෙන වෙනම Download කරගන්න පුලුවන්.
8. ඊටපස්සේ File එක Download කරගන්න ක්ලික් කරපුවාම ආයෙත් අපෙන් අහනවා Free Account එකකින්ද, Premium Account එකකින්ද Download කරගන්නේ කියලා.
"Free" කියන එක ක්ලික් කරන්න.
9. දැන් කෙලින්ම IDM එකෙන් Download කරගන්න අහනවා. (ඔයාලගේ වෙන Download Manager Software එකක් ස්ථාපනය කරලා තියනවනම් එකෙන් තමා Download වෙන්නේ.)
ඊටපස්සේ Download කරගන්න එකයි තියෙන්නේ. ඔනෙනම් Resume කරන්නත් පුලුවන්.
එහෙනම් වැඩේ අහවරයි. මොකක් හරි ප්‍රශ්ණයක් තියනවනම් අහන්න.