මේකෙන් කියන්න යන්නේ මම කොහොමද android ෆෝන් එකක් root කරන්නේ කියල 
ඉස්සරලම කෙටියෙන් කියන්නම් මේ root කරනවා කියන්නේ මොකක්ද කියල ..අපි දන්නවා අපේ computer එකේ තියනවා administrator කියල account එකක් ..අන්න ඒ account එක තමා අපේ පරිගණකයේ තියන ප්‍රධාන account එක..එකෙන් තමා පුළුවන් හැම දෙයක්ම කරන්න ..අපි දන්නවා සමහර softwares install කරද්දී administrator ගේ අනුමැතිය ඉල්ලනවා ....අන්න ඒ වගේ root නොකරපු ෆෝන් එකකත් මෙන්න මේ වගේ restrictions ,ඒ කියන්න ෆෝන් එකේ හැම feature එකක්ම අපිට ඕනේ විදිහට වෙනස් කරන්න එහෙම අපිට අවස්ථාව ලැබෙන්නේ නෑ.. root කරාම අපිට අර කලින් කිව්වා වගේ අපේ computer එකේ administrator account එකේ අයිතිය හම්බුනා වගේ තමා,අපිට කලින් තිබ්බ ෆෝන් එකට වඩා වැඩ ගොඩක් root කරපු ෆෝන් එකකින් කරන්න පුළුවන් ..

එහෙනම් බලමු මේක කරන හැටි .

මේකට ඕනේ software එකක් ..එක මෙතනින් බාගන්න Click Here 
  • software එක බාගන install කරගන්න,ඔයාලගේ ෆෝන් එකේ drivers ටිකත් PC එකට install කරගන්න
  • ඊට පස්සේ ඔයාල USB Debugging mod එක enable කරගන්න ඕනේ ,එක කරන්න ෆෝන් එකේ Settings ගිහින් Developer Options ගිහින් කරගන්න
  • ඔයාලගේ ෆෝන් එකේ USB cable එක PC එකට සම්බන්ධ කරන්න 
  • දැන් Unlock Root software එක run කරලා ඔයාලගේ ෆෝන් එක detect කරගන්නකන් ඉන්න 
  • ඊට පස්සේ එතන එන list එකෙන් ඔයාලගේ ෆෝන් එක select කරගන්න
  • දැන් root කරන එක පටන් ගන්න 
  • දැන් ෆෝන් එක root වෙලා ඉවර වුනාම වම් පැත්තේ යටම පෙන්නයි Your Device Rooted Successfully කියල ,හරි දැන් ෆෝන් එක සාර්ථකව ෆෝන් එක root වුනා..
  • හරි අන්තිම පියවර විදිහට ෆෝන් එක restart කරන්න .දැන් වැඩේ ඔක්කොම හරි ....
 
Top