එකදවසක් පරික්ෂකවරයෙක් පාසලට ගියා.යනකොට ඒකෙ ඉතිහාසය උගන්වනවා.ටික වෙලාවක් බලන් හිටපු ඔහු ලමයෙකුගෙන් ප්‍රශ්නයක අහුවා..
පරික්ෂක-ඔය ලමයා කියන්න බලන්න රාවණාගේ දුන්න කැඩුවෙ කව්ද කියල?
ලමයා-අනේ සර් මම නම් නෙමෙයි.ඉස්කෝලේ මොනා උනත් අල්ලන්නේ මාව.මට මොකටද දුන්නක්..මම දුන්නක් දැකලවත් නෑ!!
පරික්ෂක-(තරහින් ගුරුවරයාට..)මොකද මේ ලමයින්ට උගන්වන විදිහ??මේ ලමය රාවණාගෙ දුන්න ගැන දන්නෙ නෑ!!
ගුරුවරයා-අනෙ සර් මම දන්නව මුගෙ හැටි..ඕකම තමයි ඕක කඩන්න ඇත්තෙ..
( පරික්ෂකට හොදටම තරහ ගොස් මෙය විදුහල්පතිට කිව්වා…)
විදුහල්පති-ඔය ගුරුවරයා ලගදියි ඉස්කෝලෙට ආවෙ.මිනිහ ලමයි ගැන වැඩිය දන්නෙ
නෑ.ඒත් මම දන්නවා.ඕක කඩන්න ඇත්තේ අටේ පංතියෙ ලමයි වෙන්න ඇති.උන් මුලු
ඉස්කෝලෙම වනසනවා!!
පරික්ෂකවරයා මෙය ලොග් පොතේ සටහන් කරේය…
“රාවණාගෙ දුන්න කැඩුවේ කව්දැයි පාසල් ලමුන් පමනක් නොව ඉතිහාසය ගුරුවරයා හෝ විදුහල්පතිද නොදනී.පාසලේ කටයුතු ඉතා දුර්වලයි”
ටික දිනකට පසු විදුහල්පතිට අධ්‍යපන අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබුනි.එහි මෙසේ සටහන් විය..
“රාවණාගේ දුන්න කැඩුනු ආකාරය කිසිවෙකු නොදන්නේ යැයි පාසල් පරික්ෂකවරයා
දන්වා ඇත.කවුරුන් හෝ කඩා දැමුවද මේවා රජයේ දේපලය.ඉන්වෙන්ට්‍රියට ඇතුලු
කිරීමට කැඩුනු දුන්නේ කැබලි දෙක වහාම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට බාර
දෙන්න”……!!!!
Related Posts
ටීචර් ඔය ඇවිත් ඉන්නේ බබා හම්බුවෙන්න ගිහින්
01 Feb 2014undefinedඅනුරාධපුරේ අතිරේක දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත මහත්තයා තවමත් වයසින් බොහොම තරුණ කෙනෙක් වුණත් තමන්ගේ...[...]
ABC සමාගමේ CEO
18 Jan 2014undefinedකස්ටිය කොහොමද ඉතින් ඔන්න මම අඩ වෙනසකටත් එක්කල ඔයාලට පොඩ්ඩක් හිනවෙන්න Funny කතාවක් ගෙනවා කියව...[...]