අපි කලින් ලිපියේදී කතා කරනේ සාර්ථකව gig එකක් publish කරන්නේ කොහොමද කියල.මේ ලිපියෙන් මම කියන්න යන්නේ මේ gig එකට කොහොමද orders වැඩියෙන් ලබා ගන්නේ කියල.
ඔයාල gig එකක් දැම්මට ඒ හා සමානම තවත් gig ගොඩක් තියෙන්නේ පුළුවන්.එතකොට සේවාව ලබා ගන්න කෙනාට තෝරාගැනීම් ගොඩක් තියනවා.ඒ අතර ඔයත් ඉන්නවා.සේවාව ලබාගන්න කෙනා බලන්නේ හොඳම ,ඉක්මන් සේවාවක් ලබා ගන්නනේ.
ඉතින් ඒ හින්ද අපි මේකට පොඩි පොඩි දේවල් කරලා අනිත් අයට වඩා ඉදිරියට එන්න ඕනේ.එතකොට තමා අපිට orders වැඩියෙන් ලැබෙන්නේ.ඒ දේවල් මොනවද කියල තම අපි අද කතා කරන්නේ.


1)
පළවෙනියටම බලපාන්නේ ඔය ලබා දෙන්න යන සේවාව මොකක්ද කියන එක.

ඔයාල බලන්න ඕනේ හොයල වැඩියෙන් ඉල්ලුම තියෙන්නේ මොනවටද කියල.ඊට පස්සේ එකට අදාල වන මොකක්හරි දෙයක් ඔයාල offer කරන්න තමා උත්සහ කරන්න ඕනේ.දැන් ඔයාල හිතල බලන්න කවුරුවත් ඉල්ලන්නේ නැති දෙයක් gig එකකට දල වැඩක් නෙනේ,orders එන්නේ නෑ..

ඔයාල දන්නවනම් graphic designing,web designing,HTML,Java, ඒ වගේම හොඳ Photoshop දැනුමක් තියනව නම් ඒවා පුළුවන් තරම් gig එකට දන්නා බලන්න මොකද හොඳ ඉල්ලුමක් තියනවා..
ඒ වගේම Facebook,Twitter එක එක tricks තියනවනේ.ඒ කියන්නේ මම මෙච්චර followers ගානක් ඔයාලට අරන් දෙනවා,මම මෙච්චර Facebook likes ගානක් ඔයාලගේ fan page එකට අරන් දෙනවා ,අන්න ඔය විදිහේ gig වලට එහෙම හොඳ ඉල්ලුමක් තියනවා.

පුළුවන් අය ඒ වගේ දේවලුත් try කරලා බලන්න.මම මේ කිව්වා ඒවාට අමතරව තව ගොඩක් තියනවා හොඳ ඉල්ලුමක් තියන දේවල්.ඒවා ගැනත් පොඩ්ඩක් හොයල බලල gig එකක් දාන්න..

2)
ඊළඟට ඔයාලට ඔය කරන්න යන දේ ගැන පොඩ්ඩක් පළපුරුද්දක් තියෙන්න ඕනේ.
මොකද මම කිව්වනේ අපි දාන gig එකට සමාන gig තව ගොඩක් තියෙන්න පුළුවන්.එයාල අපිට වඩා හොඳට ඒ කාර්ය කරනවානම් order එක එයාලට තමා යන්නේ.තවත් දෙයක් තමා ඔයාලගේ gig එක කවුරුහරි බලල වැඩි දුරටත් එයාල ඔයාගේ profile එක බලන්න පුළුවන් ගොඩක් වෙලාවට.එතකොට ඔයාගේ profile එක Professional විදිහට තියෙනවනම් ගොඩක් හොඳයි.ඒ කිව්වේ වෘත්තීය මට්ටමේ seller කෙනෙක් කියල බලන කෙනාට පේන්න තියෙන්න ඕනේ.එකයි මම කිව්වේ කලින් ඔට එකේදී profile picture එක එහෙම ලස්සන පැහැදිලිවට පේන එකක් දාන්න.අය හැඳින්වීමටත් අනිත් අයගේ හිත ඇදගන්න විදහට පොඩි විස්තරයක් දාන්න කියල.

3)
ඊළඟ දේ තමා ඔය හැමවෙලාවෙම ඔයාට order එකක් එවන කෙනාට Dear Sir/Madam ඔය විදිහට ගෞරවාන්විත විදිහට කතා කරන්න.

4)
හතරවෙනියට කියන්න යන එක තමා order එකක් ඇවිල්ල ඒක සම්පුර්ණ කරලා දෙනකොට සේවාව ගන්න කෙනාට හැකිනම් Bonus එකක් දෙන්න බලන්න..මොකද Bonus වලට කවුද අකමැති..සේවාව ගන්න කෙනා ඔයාල එක්ක හොඳින් තියාගන්න තරමට එයාගෙන්ම ඊළඟ order එකත් ඔයාලට ලබාගන්නත් chance එකක් එන්නත් පුළුවන්. මට එහෙම chance එකක් අවා.එකයි මම ඔයාලට කිව්වේ.

ඔන්න එහෙනම් Fiverr ගැන තවත් වැදගත් තොරතුරු ටිකක් කිව්වා ඔයාලට.Fiverr ගැනම තවත් ලිපියක් අරන් එන්නම්කෝ.
 
Top