අදනම් කියන්න යන්නෙ පට්ටම වැඩක්. අපි Send To කියන seen එක දන්නවානේ. අපිට අපේ files ලේසියෙන්ම copy කරන්න, desktop 1 shortcut හදන්න, ඉක්මනට Print වලට යවන්න වගේම තව 1000ක් දේවල් මේක නිසා ඉක්මනට කරන්න පුලුවන්
.


අද කියන්න යන්නෙ Send To වලට අපිට අවශ්‍ය Folders දෙන්නෙ කොහොමද කියලයි. ඒක මෙහෙම කියමුකෝ. මේක කලාම අපිට පුලුවන් වෙන වෙනම ලේසියෙන්ම අපේ film තියන තැනට, Video තියන තැනට, Audio තියන තැනට තත්පර 2න් දාන්න. නිතරම File අස්සෙ ගිහින් චාටර් වෙන්න ඕනෙ නෑ.

එහෙනම් වැඩේ පටන් ගනිමු. මේක windows xp, 2003, 2008 වගේ පරණ අයටයි, Vista, 7,8 use කරන අයටයි ක්‍රම 2කට කරන්න වෙන්නේ.

මුලින්ම Vista, 7, 8 use කරන අයට

Start වල shell:sendto කියලා search කරන්න.




දැන් ඔයාට Send To කියලා folder 1ක් ඒවි. එතන ඔයාට දකින්න පුලුවන් ඔයාගෙ Send To වල දැනටමත් තියන shortcuts. එතන ඔයාට අනවශ්‍ය ඒවා delete කරන්න පුලුවන්.


 මෙතනට අලුතෙන් shortcut add කරන එක චුට්ටක් වෙනස්. ඒකට ඔයාට මුලින්ම ඔයාට shortcut 1 දාන්න අවශ්‍ය Folder 1ට ගිහින් ඒක copy කරගන්න.


දැන් අපි කලින් ගියපු Send To Folder එකට ගිහින් Paste Shortcut දෙන්න. (හොදට මතක තියා ගන්න paste නෙමෙයි) 



දැන් ඒකත් ඔයාට කැමති විදියට rename කරගන්න පුලුවන්.

 දැන් ගිහින් බලන්නකෝ වැඩේ ගොඩද කියලා.



දැන් windows xp, 2003, 2008 හෝ පරණ OS තියන අයට

Folder Options වලින් Hidden Files show වෙන විදියට හදා ගන්න.

දැන් Windows Key + R  (Run) වල Sendto කියලා search කරන්න. ඒක හරි යන්නෙ නැත්නම් C-->Document and Settings (My Documents) --> SendTo වලට යන්න. අනිත් ටික කලින් මම vista, 7 වලට කිව්ව විදියටම කරන්න පුලුවන්..

එහෙනම් මං ගියා....
 
Top