අධික වැඩ නිසා දින කිහිපයකින් ලිපියක් ලියන්න බැරි උනත් ඔන්න මම කිව්ව විදියටම අරන් අවා කාටත් වටිනා දෙයක්. මොකද දැන් හැමකෙනා ලඟම වගේ තියනවනේ Android phone එකක් එත්. මේක නැති උනොත්? හොයාගන්න විදියක් ඔයා කලින්ම ලෑස්ති කරලා තියනවද, එහෙනම් මේ post එක කියවලා බලන්නකෝ..

සාමාන්‍යයෙන් android phone වලට anti-theif වැඩසටහන් android market එකේ ඕනි තරන් තියනවා. සමහරවිට ඔයා දැනටමත් දාගෙන ඇති එකක්. එත් ඒ ගොඩක් software වල අඩුපාඩු රැසක් තියනවා නේද, හොරා ටිකක් වැඩකාරයෙක් නම් එයාට පුළුවන් පහසුවෙම්ම ඒ programs වලින් ගැලවෙන්න. එත් මම දැන් කියලාදෙන ක්‍රමයෙන් නම් හොරා මාට්ටු වෙනවා නිසැකයි. මේ මම පහල දීලා තියන application එක ඔයාල direct බාලා හරි android market එකෙන් හරි install කරගන්න. ඒ තමා Avast Anti-theif එක.


          

මේකේ විශේෂත්වය තමා මේක තියෙන්නේ Update Agent කියලා නමකින්. Install කරගත්තාම ඔයාලට පෙනෙයි එහෙම නමකින් කොලපාට icon එකක්. දැන් ඔයාලා එක open කරලා Anti-theif on කරලා pin number එකක් එහෙම set කරලා නැති උනොත් massege යන්න වෙන phone number එකක් එහෙම දෙන්නකෝ.



ඒ වැඩ ටික හමාර කරගත්තාම ඔයාලා ඒකෙන් අයින් වෙලා බලන්න. ආයේ phone එකේ කොහෙවත් ඔයාට Update Agent හෝ වෙන මොනවා හරි නමකින් ඔයාට icon එකක් දකින්න ලැබෙන්නේ නෑ. මේකේ වාසිය තමා කවුරුත් දන්නේ නෑ ඔයාගේ phone එකේ මෙහෙම දෙයක් install කරලා තියනවා කියලා. ඔයාට pin එක වෙනස් කරන්න හරි වෙන මොන වැඩකට හරි ඔයාට application එක open කරන්න ඕනි නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ pin එකට call එකක් ගන්න එක. ඒ කියන්නේ ඔයාගේ pin එක 2222 නම් ඔයා 2222 dial pad එකේ ගහලා call කරන්න. එතකොට ඒක open වෙයි. Number එක call log එකේ හිටින්නේ නෑ. ඒකට බයවෙන්න එපා.
අනික මේක වැඩකරන්නේ Stealth mode එකේ. ඒ කියන්නේ හොරා දැනගන්නේ නෑ මෙහෙම දෙයක් තියන බව වත් එයාව track වෙන බව වත්. එයා sim එක වෙනස් කරත් එයාට වෙනස තේරෙන්නේ නෑ. එත් අලුත් sim එකෙන් ඔයා අර දීලා තියන යාළුවගේ number එකට දිගටම message එනවා phone එක තියන තැන කියල. එහෙම නැත්තම් ඔයාට පුළුවන් phone එක lock කරන්න. එකට ඔයාට කරන්න තියෙන්නේ phone එකේ තියන number එකට 2222 lock හරි 2222 lost හරි කියලා (2222 වෙනුවට ඔයාගේ pin එක ගහන්න) sms එකක් යවන්න. එතකොට ඒ phone එක lock වෙලා alarm එකක් වදිනවා. එයට pin එක ගහල මිසක් එක නවත්වන්න බෑ. අඩුම ගානේ off කරන්න මොකුත් කරන්න වත් බෑ.



Lock කරන්න විතරක් නෙවේ තව ගොඩක් වැඩ sms යවලා කරන්න පුළුවන්. පහල බලන්න
.
{your pin} CALL {phone number}
phone එකෙන් ඔයා දෙන number එකට call එකක් එනවා.

{your pin} FORWARD SMS {your phone no}
ඒ phone එකට එන sms ඔයාගේ no එකට forward වෙනවා එයාට ලැබෙන්නේ නෑ.

{your pin} CC SMS {your phone no}
ඒ phone එකට එන sms  වල copy එකක් ඔයාටත් ලැබෙනවා.

{your pin} CC CALLS {your phone no}
එයාට call එකක් එද්දී ඒ call එකම ඔයාටත් එනවා. ඔයාට එයා කථා කරනවා අහන්න පුළුවන්.

ඒ වගේම එයාගේ call log එකේ copy එකක්, එයාගේ inbox එකේ සහ sent box එකේ තියන message ටික ඔයාට ගෙන්න ගන්න පුළුවන් මෙහෙම sms වලින්. තව sms code ගොඩක් තියනවා. ඒ ඔක්කොම Help එකේ SMS Commands වල තියනවා.

තවත් හොඳක් මේ application එකේ තියනවා. ඒ හොරා මේ application එක ගැන දැනගෙන හිටියත් එයාට මේක uninstall කරන්න බෑ. එකට ඔයා pin එක දැනගන්න ඕනි. අනික නිකන් apps අයින් කරනවා වගේ බෑ. ඔයා මේකේ root mode එක install කරන්න හිටියොත් (root phone එකක් නම්) හොරා phone එක hard reset කරත් මේක අයින් වෙන්නේ නෑ. අනික sim එක වෙනස් කරලා තියෙද්දී කාටවත් phone එකේ settings වලට යන්න බෑ. Auto disconnect වෙනවා.


දැන් පේනවා නේද, සැහෙන ප්‍රමාණයක ආරක්ෂාවක් ඔයාට මේකෙන් සලසගන්න පුළුවන් බව. එහෙනං ඔයා ළඟ තියෙන්නේ android phone එකක් නම් අනිවාර්යෙන් මේක කරගන්න. එහෙනම් යාලුවනේ මම ගිහින් එන්නම් තවත් ලිපියකින්. ඔයාගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා. ඒක මට හයියක් දිගටම මෙහෙම දේවල් අරන් එන්න.
 
Top