පරිගණකයේ ඇති ප්‍රධානම උපාංගය වන්නේ ප්‍රොසෙසරයයි. පරිගණකයේ මොළය ලෙස මෙය ඇතැම් විට හදුන් වයි. බොහෝ විට පරිගණකයක් හදුන්වනුයේ ප්‍රොසෙසරයේ වර්ගය හා එහි වේගය කීමෙනි.

ප්‍රොසෙසර් වර්ග කිහිපයක් අද වෙළදපලේ දක්නට ලැබේ.

 Intel, ADM, Motorola, Cyrix යනු මේවායින් කිහිපයකි.

පරිගණකයක් ක්‍රියාත්මක වීමට අදාල ගණනය කිරීම් සහ පාලනය කිරීමේ කටයුතු වලින් වැඩි කොටසක් ඉටුකරනුයේ ප්‍රොසෙසරය හෙවත් මධ්‍යම සැකසුම් ඒකක‍යෙනි (CPU - Central Processing Unit)
 මේ අරතරින් Intel Processors ගැන මම අද කථාකරන්නෙ....


පරිගනකයේ කාර්යක්ෂමතාවය කෙරෙහී බලපාන ප්‍රධාන සාධකය වනුයේ ප්‍රොසෙසරය හෙවත් සීපීයූහී වේගයයි. සීපීයූහී වේගය මෙගා හර්ට්ස් (MHz) වලින් මනිනු ලබන අතර එය ඝටිකා වේගය හෙවත් (Clock Speed) ලෙසද හදුන්වයි. වේගයේ අගයෙන් කියෙවෙන්නේ පරිගණකයට වැඩසටහන් ධාවනය (run) කිරිමට හැකි වේගයයි. සීපීයූ එකක ධාරිතාවය (capacity) පද විශාලත්වය (word size) ලෙස හදුන්වයි. පදයක් යනු එකවාරයකදී සීපීයු එකෙන් මෙහෙවිය හැකි උපරිම බිටු (bits) ගණනයි.

වේගය හර්ට්ස් 1ක් (1 Hz) යැයි කීමෙන් අදහස් වනුයේ එම ප්‍රොසෙසරයට තත්පරයක් තුලදී යාන්ත්‍රික උපදේශන හෙවත් (Machine Instructions) 1ක් ක්‍රියාත්මක කර හැකි බවය.

හර්ට්ස් 1000 (1000Hz) යනු කිලෝ හර්ට්ස් 1(1KHz) කි.
කිලෝ හර්ට්ස් 1000 (1000KHz) යනු මෙගා හර්ට්ස් 1(1MHz) කි.
මෙගා හර්ට්ස් 1000 (1000MHz) යනු ගිගා හර්ට්ස් 1(1GHz)  කි.


භාවිතයේ නොමැති ප්‍රොසෙසර් වර්ග

ප්‍රොසෙසරය
වර්ශය
වේගය
4004
1971
740 KHz
8086
1978
10 MHz
286
1982
12 MHz
386
1985
16 MHz
486
1989
25 MHz
Pentium
1993
60 MHz
Pentium II
1997
233 MHz

දැනට භාවිතයේ ඇති පැරණි ප්‍රොසෙසර් වර්ග.

1998 වර්ශයෙන් පසුව හදුන්වා දුන් ප්‍රොසෙසර් වර්ගද දැන් ති‍බෙන පරිගණක වල භාවිතා වේ. එහෙත් මේවා අලුතින් මිළට ගැනීමට නැත.


ඒවා ගැන විස්තර මෙසේය.
·     
          Pentium II 400 MHz ප්‍රොසෙසරය - මෙම වේගයෙන් යුත් ප්‍රොසෙසරය හදුන්වා දෙනු ලැබුවේ 1998 වර්ශයේ අප්‍රේල් මාසයේදීය. පසුව එම වර්ශයේම අගෝස්තු මාසයේ 450 MHz ක වේගයකින් යුත් ඒවා ආවේය.

·        Pentium III ප්‍රොසෙසරය - 450 MHz ක වේගයකින් 1999 වර්ශයේ මුලින්ම හදුන්වා දුන් මෙම ප්‍රොසෙසරය පසුව 500 MHz, 533 MHz, 550 MHz, 600 MHz, 650 MHz, 700 MHz, 733 MHz, 750 MHz, 800 MHz, 866 MHz, 1 GHz, 1.13 GHz, 1.13 GHz, 1.2 GHz,1.26 GHz, 1.33 GHz, 1.13 GHz, 1.4 GHz යන වේගයන්ගෙන් යුත් ප්‍රොසෙසරයන් නිකුත්විය.

·        Pentium IV ප්‍රොසෙසරය - 1.3 GHz ක වේගයකින් 2000 වර්ශයේ නොවැම්බර් මාසයේදී මෙම ප්‍රොසෙසරය පැමිණියේය. ඉන්පසුව 1.4 GHz, 1.5 GHz, 1.6 GHz, 1.7 GHz, 1.8 GHz, 1.9 GHz, 2 GHz, 2.2 GHz, 2.4 GHz, 2.5 GHz, 2.8 GHz, 3GHz, 3.2 GHz, 3.4 GHz යන වේගවලින් නිකුත් කළේය.



·        Pentium dual-core ප්‍රොසෙසරය - පෙන්ටියම් D හෙවත් පෙන්ටියම් ඩුවල් කෝර් ප්‍රොසෙසරය ඉන්ටෙල් සමාගමේ මුල්ම මල්ටිකෝර් ප්‍රොසෙසරයයි. මෙය 2005 මැයි මාසයේදී ආවේය. මෙය මුලින් 1.5 GHz ක වේගයකින් නිපදවිය. පසුව විටින් විට වේගය වැඩි කරමින් මෙහි අලුත් සංස්කරණ නිකුත් වී ඇත. පෙන්ටියම් Dවර්ගයේ අලුත් ප්‍රොසෙසර ද දැන් වෙළද පොළට එන්නේ ඉතා සීමිත ප්‍රමාණයකි.

අලුත් ප්‍රොසෙසර්.... 

Pentium dual-core ප්‍රොසෙසරය- පෙන්ටියම් ඩුවල් කෝ වර්ගයේ 3.06 GHzප්‍රොසෙසර් දැන් තිබේ.


Core 2 Duo ප්‍රොසෙසරය- මෙය පෙන්ටියම් ඩුවල් කෝ ප්‍රොසෙසරයට වඩා තාක්ෂණයෙන් දියුණුය. මෙය හදුන්වා දෙනු ලැබුවේ 1.6 GHz ක වේගයකිනි. දැන් මෙහි 3.33 GHz ප්‍රොසෙසර්ද තිබේ.


Core 2 Quad ප්‍රොසෙසරය - Core 2 Duo මෙයට පසුව හදුන්වා දුන්, කෝ 2 වර්ගයේ ප්‍රොසෙසර් කාණ්ඩය වන්නේ Core 2 Quad ය. මෙය මුල්වරට හදුන්වා දෙනු ලැබුයේ 2.13 GHz ක වේගයෙනි. දැන් මෙහි 3 GHz ප්‍රොසෙසර් ද තිබේ.


Intel Core i3 ප්‍රොසෙසරය - මෙය දැන් වැඩිපුර භාවිතා කරන ප්‍රොසෙසර් කාණ්ඩයයි. 2.93 GHz  වලට වඩා වැඩි වේගයක් මෙම කාණ්ඩයේ ප්‍රොසෙසර් ලබා ගත හැකිය.


Intel Core i5 ප්‍රොසෙසරය - කාර්යක්ෂම තාවය අතින් Intel Core i3ප්‍රොසෙසරයට වඩා ඉදිරියෙනි. මෙම වර්ගයේ ප්‍රොසෙසර් වේගය 2.4  GHz ට වඩා වැඩිය.


Intel Core i7 ප්‍රොසෙසරය - දැනට පවතින ඉහලම කාර්යක්ෂම තාවය සහිත ප්‍රොසෙසරය මෙයවේ. මෙම වර්ගයේ ප්‍රොසෙසර් 2.8  GHz ට වඩා වැඩි වේගයන් ගෙන් මිලට ගත හැක.
  

සෙකන්ඩ් ජෙනරේෂන් ඉන්ටෙල් කෝ ප්‍රොසෙසර්  
(Second Generation Intel Core Processers)

මුලින් නිපද වූ ඉන්ටෙල් කෝ i3, i5 සහ i7 ප්‍රොසෙසර්වලට වඩා වැඩි හැකියාවක්, පසුව නිපදවූ කෝ i3, i5 සහ i7 වර්ගයේ ප්‍රොසෙසර් සතුය. මේවා, කෝ i3, i5 සහ i7 වර්ගයේ දෙවන පරම්පරාවයි. මේවා පොදුවේ සැන්ඩිබ්රිජ් (Sandy Bridge) ප්‍රොසෙසර් ලෙස හදුන්වයි. මේ වර්ගයේ ප්‍රොසෙසර් වල පහත සදහන් හැකියාවන් ගෙන් යුක්තවේ.
  • ඉන්ටෙල් එර්බෝ බූස්ටි 2.0 තාක්ෂණය
  • ඉන්ටෙල් හයිපර්ට්‍රේඩින් තාක්ෂණය
  • වැඩිදියුණු කල මල්ටි ටාස්ක් හැකියාව
  • වැඩි කෑෂ් මතකය
  • වැඩිදියුණු කළ HD ග්‍රැ‍ෆික් හැකියාව

සෙකන්ඩ් ජෙනරේෂන් ප්‍රොසෙසර් වල නිෂ්පාදන නාමය සහිතව අංක 2 න් ආරම්භ වන අංක හතරක කෝඩ් අංකයන් අඩංගුය. මේ වර්ගාය් ප්‍රොසෙසර් වල විස්තර මෙසේය.

Core i7 2600K – 3.4 GHz – 8MB L3 Cache
Core i7 2600 – 3.4 GHz – 8MB L3 Cache
Core i7 2600S – 2.8 GHz – 8MB L3 Cache
Core i5 2500K – 3.3 GHz – 6MB L3 Cache
Core i5 2500 – 3.3 GHz – 6MB L3 Cache
Core i5 2500S – 2.7 GHz – 6MB L3 Cache
Core i5 2500T – 2.3 GHz – 6MB L3 Cache
Core i5 2400 – 3.1 GHz – 6MB L3 Cache
Core i5 2400S – 2.5 GHz – 6MB L3 Cache
Core i5 2390T – 2.7 GHz – 3MB L3 Cache
Core i3 2120 – 3.3 GHz – 3MB L3 Cache
Core i3 2100 – 3.1 GHz – 3MB L3 Cache
Core i3 2100T – 2.5 GHz – 3MB L3 Cache
  

     තර්ඩ් ජෙනරේෂන් ඉන්ටෙල් කෝ ප්‍රොසෙසර් ( Third Generation Intel Core Processers) දැන් වෙළද පොළද ඇවිත් තිබේ

  
වෙනත් වර්ගවල ප්‍රොසෙසර්
ඉන්ටෙල් සමාගම විසින් Celeron නාමය යටතේද මිලෙන්  අඩු ප්‍රොසෙසර් නිෂ්පාදනය කරයි. ඒවායේ කෑෂ් මෙමරි එක හා අනෙක් හැකියාවන් වෙනත් ඉන්ටෙල් ප්‍රොසෙසර් වලට වඩා අඩුය.


ප්‍රොසෙසරයක සැකසුම
බාහිරව බැලූ විට තනි චිප් එකක් ලෙස පෙනුණද ප්‍රොසෙසරයක් යනු කොටස් කාහිපයක් එක්ව සැකසු පරිපතයකි. මෙහි ඇති මූලික කොටස් පහත පරිදිය.
 

රෙජිස්ටර්ස් (Registries) - සැකසුම් කිරීම සදහා අවශ්‍ය දත්ත ප්‍රොසෙසර් එක තුළදීම තාවකාලිව රදවා ගත යුතුය. ඒ සදහා වෙන්වෙන්නේ බිට් 8, 16, 32 හෝ 64 ක් වැනි ප්‍රමාණයකි. මෙම ඉඩ ප්‍රමාණය රෙජිස්ටර්ස් යන නමින් හදුන්වයි.

කෑෂ් මෙමරි (Cache) - දත්ත සැකසීමේදී එම දත්ත ප්‍රොසෙසරය වෙත ලබා ගන්නේ රැම් එකෙනි. එහෙත් රැම් එකෙන් එම දත්ත ලබා දීමේ වේගය ප්‍රොසෙසරයට ප්‍රමාණවත් වන්නේ නැත. මේ නිසා රුම් එකෙන් ලබා ගන්නා දත්ත ප්‍රොසෙසරය තුළ ගබඩා කරගෙන සැකසීමේ ක්‍රියාවලිය කරනු ලබයි. මෙසේ රැම් එකෙන් ලබා ගන්නා දත්ත ප්‍රොසෙසරය තුළ රදවා ගන්නා කොටස කෑෂ් මෙමරි ලෙස හදුන්වයි. මෙහිදී ප්‍රොසෙසරයේ සකස් කරන තොරතුරැද නැවත රැම් එකට යොමු කරන තෙක් රදවා තබාගන්නේ කෑෂ් මෙමරි එක තුලමය. මෙයට අමතරව ප්‍රොසෙසර් එක විසින් ලබා දෙන උපදෙස්ද රැම් එකට යොමු කරන තෙක් රදවා තබාගන්නේ කෑෂ් මෙමරි එකෙහි ඒකකයක් තුළමයි. කෑෂ් මෙමරි අයත් වනුයේ ප්‍රථමික මතකයටයි. මෙය රැම් වර්ගයේ මතකයකි. මේ සදහා නිෂ්පාදන වියදම වැඩි, ස්ටැටික් රැම් කියා හදුන්වන වේගවත් රැම් විශේෂය යොදා ගැනෙයි. ඒ නිසා කෑෂ් මෙමරි එක ප්‍රොසෙසර්වල මිළ ගණන් ද වැඩිය. කෑෂ් මෙමරි එකක් වෙනුවට කිහිපයක් භාවිතා කරන නිසා ඒවාLevel 1 Cache, Level 2 Cache ආදී වශයෙන් හදුන්වයි. ප්‍රොසෙසර්වලට අමතරව මදර් බෝඩ් එක මතද කෑෂ් මෙමරි එකක් තිබේ. එහි කාර්ය වනුයේ රැම් එකේ ඇති දත්ත වේගයෙන් ප්‍රොසෙසර් එක මත ලබා දීමයි.

කන්ට්‍රොල් යුනිට් (Control Unit) - පරිගනකයේ අනෙකුත් කොටස් වලට විදාන නිකුත් කිරීම හා ඒවා පාලනය කිරීම සිදු කරනුයේ කන්ට්‍රොල් යුනිට් එක මගිනි.

ඇරිත්මැතික් ඇන්ඩ් ලොජික් යුනිට් (ALU) - සියලුම අංක හා තාර්කික ක්‍රියාවන් කරනු ලබන්නේ ඇරිත්මැතික් ඇන්ඩ් ලොජික් යුනිට් (ALU – arithmetic and logic unit) එක මගිනි.

ෆ්ලොටින් පොයින්ට් යුනිට් (FPU) - ඇරිත්මැතික් ඇන්ඩ් ලොජික් යුනිට් එක මගින් කිරීමට නොහැකි වූ අසම්පූර්ණ, පැටලිලී සහගත ගණිත ගැටලු විසදන්නේ ෆ්ලොටින් පොයින්ට් යුනිට් එක මගිනි.(FPU – floating point unit)

ඉන්ස්ට්‍රක්ෂන් යුනිට් (instruction unit) - ඇරිත්මැතික් ඇන්ඩ් ලොජික් යුනිට්, ෆ්ලොටින් පොයින්ට් යුනිට්, රෙජිස්ට්‍රිය යන කොටස් පිහිටුවා ඇත්තේ මෙම ඉන්ස්ට්‍රක්ෂන් යුනිට් (instruction unit) එක තුළමයි.

ඉන්පුට් අවුට්පුට් මැනේජ්මන්ට් යුනිට් (input output management unit)  - ප්‍රොසෙසර් එකට දත්ත ලබා ගැනීම හා ඒවා ප්‍රොසෙසර් එකෙන් තොරතුරැ පිටතට ලබාදීම ආදිය කළමණාකරණය කරනු ලබන්නේ ඉන්පුට් අවුට්පුට් මැනේජ්මන්ට් යුනිට්  එක මගිනි.



මං හිතනව ඔයගොල්ලො post එක කියවල ගොඩක් දේවල් දැනගන්නෙති කියලා.......
 
Top